මධ්යම අප්රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් අතරතුර භාණ්ඩ ප්රවාහන ගුවන් රාජකාරීන්හී නියුතු ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් (SMH 4417) ඊයේ (12) දින Sam-Oundja වෙත ගොඩ බෑමේදී අධික දූවිලි සහිත කාළගුණ තත්වයක් යටතේ ඇති වූ රොටර්වොශ් බ්රවුන්අවුට් (RWB) තත්වයක් හේතුවෙන් අනතුරට ලක් විය.
සිද්ධිය වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙම හෙලිකොප්ටරයේ සිටි අතර කිලෝග්රෑම් 1200 කින් යුත් භාණ්ඩ ප්රවාහනය කරමින් සිට ඇත. අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.
කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සහ එම හෙලිකොප්ටරය මේ වනවිට මධ්යම අප්රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්ෂිතව ඇති බවට ආරක්ෂක අමත්යංශය තවදුරටත් තහවුරු කර සිටී.
සිදු වූ අනතුර පිළිබඳව කඩිනමින් සොයා බැලීමට මෙන්ම හානියේ නිශ්චිත හේතුව සහ ප්රමාණය තීරණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ආරක්ෂක අමාත්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.