ගාගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ දින (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගාල්ල නගර ශාලාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුනු අතර ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා වන නිසා වගාකරුවන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතී. මේ නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇත. මේ නිසා එම පොහොර මිල අඩු කර දෙන ලෙස වගාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා තේ සඳහා යොදන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු මිලට ලබා දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් කටයුතු යොදා ඇති බව සඳහන් කළේය