මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ යම් වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කළ හෙයින් එම තත්ත්වය පාලනය හා මර්දනය කරමින් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරිම අරමුණු කරගෙන සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි පසුගිය 06 දින ස්ථාපිත කරන ලදි.
මෙම එ්කකය තුලින් ඩෙංගු රෝගය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම, මදුරුවන් බෝවන ස්ථාන පිළිබද ජනතා පැමිණි සදහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම, ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සම්බන්ධීකරණය, එම වැඩසටහන් වල ප්‍රගතිය හා දත්ත ලබාගැනීම වැනි කටයුතු සිදු කරනු ලබයි.
උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා සතියේ දින 07 තුළම මෙම විශේෂ එ්කකය ක්‍රියාත්මක අතර, ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඉහත කටයූතු සිදු කරනු ලබයි.
මෙම විශේෂ ඒකකයේ මෙහෙයුම් කටයුතු අද (11) නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඩෙංගු අවධානම් කළාප හා දිස්ත්‍රික්කම ඇතුළුව දීපව්‍යාප්ත ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් පසුගිය 07 දින සිට 13 දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. ඊට සමගාමීව ස්ථාපිත කළ මෙම විශේෂ මෙහෙයුම් ඒකකයේ මෙහෙයුම් කටයුතු අද දින නිරික්ෂණය කළ බවයි. 011- 7 966 366 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ඇති බව ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පැවැසීය.