නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අණපනත් සංශෝධනය කරන්නේ ජනතාවට රට තුළ සාමකාමීව ජීවත් වීමේ පරිසරය සකස් කිරීමටයි

    ජනවාරි 10, 2024

    රට තුළ සාමකාමී ලෙස ජනතාවට ජීවත් වීමේ පරිසරය සකස් කිරීම සඳහා  අණපනත් රැසක්  සංශෝධනය කිරීම සිදු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස් රාපක්ෂ මහතා  අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය

    පසුගිය නොවැම්බර් 8 වන දින විවාදය කල් තබන ලද අධිකරණයට  විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයට අපහාස කිරීමපනත් කෙටුම්පත,  හා සමථකරණය තුළින් අතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම , සමථ මණ්ඩල (සංශෝධන) , ඇටොර්නි බලපත්‍ර (සංශෝධන )  , නොතාරිස් (සංශෝධන ) , වංචා වැළක්වීමේ (සංශෝධන ) යන පනත් කෙටුම්පත් 6ක් අද (10)පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනිණි .

    මෙහිදී විවාදය ආරම්භ කරමින්  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ,  නීතියේ පවත්නා හිදැස් නිසා අධිකාරණයට,විනිශ්චාධිකාරයට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වූ බවයි. යම් යම් පාර්ශව  ශේෂ්ඨාධිකරණය අභියෝගයට ලක්කළ අවස්ථාතිබූ බවත් ඉදිරිපත් කරතිබූ පනතේ අධිකරණයට අපහාස කිරීම පැහැදිලි අර්ථකථනයක් ලබාදී නොතිබුණු බවත් හෙතෙම  පෙන්වා දුන්නේය. මෙම පනත මගින් ඒ පිළිබඳ අර්ථ දැක්වීම් සිදුකර ඇතිබවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය .

    සමථකරණය තුළින් ඇතිවන්නාවූ අන්තර්ජාතික නිරවුලකරණ ගිවිසුම් පිළිගැනීම් බලාත්මක කිරීම ඉතාමත් වැදගත් පනත් කෙටුම්පතක් වනබවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .ජාත්‍යන්තර වශයෙන් සමථකරණය මෙම පනතමගින් ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම මෙහිදී වැඩිදුරත් ප්‍රකාශ කළේය .සමථකරණය මෙරට තුළ ධයිර්යමත් කර ඇතැයිද හෙතෙම කීය.මෙමගින් අධිකරණවල ගොඩනැගෙන සුළුවටිනාකම් සහිත නඩුගොඩගැසීම වළක්වාගැනීමට හැකියාව හිමිවනබවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරත් ප්‍රකාශ කළේය .

    එමෙන්ම ඇටෝර්නි බලපත්‍ර සංශෝධන ,නොතාරිස් සංශෝධන ,වංචාවැළැක්වීමේ සංශෝධන මින් පෙරද ඉදිරිපත් කර ඇතිබවත් හෙතෙම වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය .නූතනයට ගැලපෙන පරිදි මෙම නීතියාවත්කාලීන කිරීම,මෙම සංශෝධන මගින් ක්‍රමානුකූලව සිදුකරන්නේ කෙසේදැයි සොයාබැලීමට හැකිබවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya