නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැට් වැඩි වූ සහ අලුතින් එකතු වූ භාණ්ඩවල මිල තවම වැඩි වී නැහැ

    ජනවාරි 10, 2024

    අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ සහ 3%ක වැට් බදු අනුපාතය ඉහළ ගිය භාණ්ඩවල මිල මෙතෙක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද(10) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

    පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතල තත්ත්වයක් තවමත් සිදු වී නොමැති බවයි. අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ පොල්තෙල්, පොල් කිරි, බිත්තර, දුඹුරු සීනි වැනි භාණ්ඩ සුළු මිල වෙනස් වීම පමණක් සිදු ව ඇති අතර වැට් බද්ද 3%කින් ඉහළ ගිය කිරිපිටි, සැමන් සහ අභ්‍යාස පොත් මිල ද නොවෙනස්ව පවතින බවයි. මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ම්න්තුව මගින් වැට් බද්ද ඉහළ නැංවීමට සමාජයට සිදු ව ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya