සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වසරකට වෛද්‍ය සිසුන් 1500ක් වෛද්‍ය පීඨ වලට බඳවා ගත්තත් මෙම පිරිස ප්‍රමාණවත් නොමැති බවයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඩය සඳහා සෞදි රජයෙන් ණය ලබා ගෙන තිබුණද එම ණය නැවතී තිබුණා. නමුත් නැවත සාකච්ඡා කර අද වන විට සියලු ගෙඩනැගිලි අලුත්වැඩියා කර තිබෙනවා. දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජාතියේ උසස් අධ්‍යාපනය ගොඩ නැගීමට ලබා දෙන සහයෝගයට ස්තුවන්ත වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.