නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

    ජනවාරි 09, 2024

    චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි


    බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

     චමින්ද විජේසිරි මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම අද(09) සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා තිබේ.

    ඒ අනුව, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ ගරු චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහ‍ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ ගරු චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහ‍ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya