නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීම් සම්බන්ධව නියම කළ හැකි උපරිම දඬුවම සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් නිවේදනයක්

    ජනවාරි 09, 2024

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීම් සම්බන්ධව නියම කළ හැකි උපරිම දඬුවම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(09) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

    යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් නිකුත් කරන ලද චෝදනා පත්‍රයක වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනක් සඳහා චෝදනා වෙන් වෙන් වශයෙන් එකකට වඩා වැඩි ගණනක් දක්වා ඇති විට, සහ එකී මන්ත්‍රීවරයා එකී චෝදනා පත්‍රයේ දක්වා ඇති චෝදනාවලින් එකකට වඩා වැඩි ගණනකට වරදකරු වී ඇති අවස්ථාවක, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය ප්‍රකාරව නියම කළ හැකි උපරිම දඬුවම පිළිබඳව ගරු නීතිපතිතුමාගේ මතය විමසන ලද බවත් ඒ අනුව, ගරු නීතිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) සහ 67 ව්‍යවස්ථා, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 22(3), 27(1) සහ 32 වගන්ති සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77(1), 77(2) සහ 77(3) සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වැනි වගන්ති සලකා බලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාවට යටත්ව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවට මතය පැහැදිලි කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    ඒ අනුව, එක් සිද්ධියක් සඳහා චෝදනා පත්‍රයේ වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනකට, යම් මන්ත්‍රීවරයෙකු වරදකරු වී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය යටතේ  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකුගේ  සේවය  අත්හිටුවීම එක් මාසයක් ඉක්මවන කාල සීමාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිමයකට යටත්ව නියම කළහැකි බව නිරීක්ෂණය වන බවද කථානායකවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya