ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.
නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන විට කලක් ගත වෙන හෙයින් මුල් අවධියේ දී මෙවැනි ගැටළු මතුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා නොගත්තා යැයි කියා කිසිවෙකුට නඩු පැවරීම් හෝ අධිකරණයට යොමු කිරීම් ආදිය පිළිබඳව කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත්, ඒ සඳහා කාලය ලබා දී ඇති බවත්, අවිධිමත්ව තිබුණු ක්‍රමවේදයක් විධිමත් ක්‍රමයකට ගෙන ඒම එක් රැයකින් කළ නොහැකි
මේ වන විට දැනට බොහෝ දෙනකු TIN අංකය ලබා ගැනීමට පෙළඹීම හොඳ තත්ත්වයක් වන නමුත්, එක් වර බොහෝ පිරිසක් තාක්ෂණික පද්ධතියට දත්ත ඇතුල් කිරීම සඳහා ඇතුල්වීමට උත්සාහ කරන විට එහි යම් ප්‍රමාදයන් සිදු විය හැකි බවත්, එම තත්ත්වයන් කෙටිකලක දී නිම විය හැකි බවත් මෙහි දී හෙතෙම අවධාරණය කළේය.
කෙසේවුවද, TIN අංකය ලබා ගන්නා සියලු දෙනාමත් බදු ගෙවිය යුතු නොවන අතර එම බද්දට යටත් වන සිමාවේ සිටින අයවලුන් පමණක් බදු ගෙවිය යුතු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.