නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර තිබෙනවා - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

    ජනවාරි 09, 2024

    ගොවිජනතාවගේ පොහොර සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති බවත්, අද එම මුදල් ගොවිජනතාව වෙත යැවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවයි. මෙම කන්නය සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් ආනයනය කර අවසන් බවත්, එම පොහොර සඳහා රුපියල් 9000ක් ලෙස මිල සඳහන්කර ඇති බවයි. නමුත් ඊට වැඩි මිලට පොහොර අලෙවි කරයි නම් ඒ් පිළීබඳව පැමිණිලි කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya