තවද මේ හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් /සිසුන් සවිබල ගැන්වීම, රැකියා අවස්ථා ලබා දීම තුළින් ඔවුන්ගේ ආර්ථික ස්‌වයං පෝෂිතභාවය ප්‍රවර්දනය කිරීම හරහා රටේ ආර්ථිකයට ඔවුනගේ ද නොමසුරු දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ. මෙම වැඩසටහන රටේ විශේෂිත සිසුන් සමුහයක් වෙනුවෙන්, සාමාන්‍ය වෘත්තීය පුහුණු ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් රැකියා සම්බන්ධක පුහුණු පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙමගින් ආයතනය තුළ පුහුණුවට සමාන්තරව කර්මාන්ත ගත පුහුණුව ද ලබාදීම තුළින් ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සිදුවේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වූ අන්තර්කරණ දෙපාර්තමේන්තුව මෙන්ම ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන Skills for Inclusive Growth (S4IG) ව්පෘයාතිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව ක්‍රියා කරනු ලැබේ.
මෙම වැඩසටහනේ සමාරම්භය හෙට(09) උදෑසන නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමට සැලසුම් කර ඇත.