නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරේ තල් රා අපනයනයෙන් ඉහළ ආදායමක්

    ජනවාරි 08, 2024

    පුසගිය වර්ෂයේ තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් තල් සංවර්ධන මණ්ඩලය උපයා තිබේ.


    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහි දී මෙම කරුණු අනාවරණය විය. ඒ අනුව රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපයීමට හැකි ව තිබෙන අතර මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබේ. මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇති බව  තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි රාජ්‍යයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.
    මෙම කර්මාන්තය තවදුරටත් පුළුල් කළ හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් ප්‍රවර්ධන  වැඩසටහනක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී ඇත.
     මේ අතර තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපයීමට හැකි වී තිබේ.
    එසේම  Palmyra pulp අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් උපයා තිබේ.
    තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් 30ක මුදලක් රජය  වෙන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya