වැඩබලන පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ(06) මාලිගාවත්ත පී,ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා කඳවුර පැවැත් විණි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල ජීවත්වන දරුවන් 200ක පමණ සහභාගිත්වයෙන් මෙම පාපන්දු වැඩමුළුව පවත්වන ලද අතර, ඒහිදී ප්‍රදර්ශන පාපන්දු තරගයක් පවත්වා රුවන් හට පාසල් බෑග් හා ක්‍රීඩා උපකරණ බෙදා දීම වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයේන් ඊයේ සිදු විය.