නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් සපයන විශිෂ්ඨ සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි

    ජනවාරි 07, 2024

    අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් සපයන විශිෂ්ඨ සෞඛ්‍ය සේවාව පිලිබද වත්මන් සමාජය දැනුවත්භාවයක් නොමැති හෙයින් මෙවැනි විශේෂිත රෝහල් වලින් සිදුකරන අප්‍රමිත විශිෂ්ඨ සේවාව පිළිබදව වත්මන් සමාජය දැනුවත් කිරීමට යම් වැඩපිළිවෙලක් සකස් කිරීම කාලෝචිත ක්‍රියාවක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද (07) පෙරවරුවේ එම විද්‍යායතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවෙමින්ය.

     

    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් හට පවතින ගැටලු වලට මෙන්ම සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තිකයින් හට පවතින රාජකාරිමය ගැටලු වලට විසදුම් ලබා දීමත්, භෞතික සම්පත් සංවර්ධනය කිරීමත් ප්‍රමුඛ කරගනිමින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

     

    විද්‍යායතනයේ වාට්ටු, මුළුතැන්ගෙය, ඖෂධාගාරය, ආපනශාලාව ඇතුළු අනෙකුත් අංශ වල නිරීක්ෂණය කල අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් පවතින අඩුපාඩු සියැසින් දැකබලා ගනිමන් ඒවාට විසදුම් ලබා දීමට කටයුතු කරන ලදී.

     

    රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය නේවාසිකාගාර මෙන්ම නිල නිවාස කඩිනමන් ප්‍රතිසංස්කරණය කර දීමටත් රෝහලේ හදුනාගත් භෞතික සම්පත් කඩිනමින් සංවර්ධන කර රෝහලට නව පෙනුමක් ලබා දීමටත් මෙහිදී තීරණය කරන ලද අතර රෝහලට අවශ්‍ය වන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලද කඩිනමින් ලබා දීමටත්, රෝහල සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ......

     

    ප්‍රශස්ත මානසික සෞඛ්‍යකින් සහ මනෝ සමාජයීය යහපැවැත්මකින් යුතු ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම මුලික අරමුණ කර ගනිමින් මෙම විද්‍යායතනයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු කරන බවත් ඔවුන් නිහඩව සිදු කරන විශිෂ්ඨ සේවාව විශේෂ ඇගයීමකට ලක් කල යුතු බවත්ය.

     

     

    එමෙන්ම මෙම සෞඛ්‍ය විද්‍යායතනය මගින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග වැලැක්වීම, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය, මනෝ සමාජයීය රැකවරණය, මානව හිමිකම් සුරැකිීම හා ප්‍රවර්ධන තුලින් සැමගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඉඩ සලසන වටපිටාවක් ඇති කිරීම තම අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

     

    නේවාසික රෝගීන් විසින් නිර්මාණය කරන ලද අත්කම් නිර්මාණයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගැනීවීමද මෙහිදී සිදු කෙරිණි.

     

    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මානසික රෝගීන් වෙනුවෙන් දැවැන්ත කාර්යභාර්යක් සිදු කරන මෙරට ප්‍රධානතම රෝහලයි. එය දකුණු ආසියාවේ මානසික රෝහල් අතරින් ප්‍රමුඛ තැනැක් උසුලයි. රෝගීන් හදුනා ගැනීම, රැකබලා ගැනීම, ප්‍රතිකාර කිරීම, පුනුරුත්ථාපනය කරමින් ඔවුන් සාමාන්‍ය සමාජයට මුදා හැරලීම යනාදි අමිල සේවාවක් ඉටු කරයි.

     

    1926 වර්ෂයේදී ආරම්භ කරන ලද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවක්ද, නොමිලේ ක්‍රියාත්මක වෙයි. එහි දුරකථන අංකය ලෙසද යොදාගෙන ඇත්තේ “1926” යන අංකයයි. කෙටි පණිවුඩ (SMS) මගින් ද උපදේශන සේවාව නොමිලේ සපයන අතර ඒ සදහා ද 1926 දුරකථන අංකය භාවිතා කල හැක.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන වත්සලා ප්‍රියදර්ශනී, සාලින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන්.දිනිප්‍රිය, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya