නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට ලබන 13 දක්වා ඩෙංගු මර්දන සතිය

    ජනවාරි 07, 2024

    අද (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.


    තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
    ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ) ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya