නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

    ජනවාරි 07, 2024

    දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා ෙදපාර්තෙම්න්තුව සඳහන් කරයි.

    නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

    සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවනඅ නතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya