මේ අතර කතානායකවරයා සහ උගන්ඩා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඔරියම් හෙන්රි ඔකෙලෝ මහතා අතර ද හමුවක් පැවැත්විණි.
මෙහිදී පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමුවිය. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය වැඩි කිරීම මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කනනාතන් යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.
2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියහ. මෙම සමුළුව සදහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන් සහභාගි වීම සිදුවේ. 1969 වසරේදී එවකට කැනඩාවේ පාර්ලිමේන්තුවේ කථානායක ගරු. ලූෂන් ලැමුරෙක්ස් මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවී ඇත.