මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම ඉලක්කක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල්හි අඩුපාඩු සොයා බලමින් එයට විසදුම් ලබා දීමේ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිලිවෙල යටතේ අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී
මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිළධාරීන් විසින් රෝහලේ වාට්ටු, ඖෂධාගාරය, මුළුතැන්ගෙය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු අනෙකුත් අංශ සහ රෝහලේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබඳව ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කළ අතර එහිදි රෝහල් කාර්ය මණ්ඩලයට පවතින ගැටලු පිළිබඳව ද විමසා සිටියේය. රෝහලට අවශ්‍ය මානව සම්පත, වෛද්‍ය උපකරණ, කඩිනමින් ලබා දීමටත්, එහි කඩිනමින් නිම කළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීම සඳහා රුපියල් මිලියන 10ක මුදල් ප්‍රතිපාදන රෝහල වෙත ලබාදීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යාවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.
රෝහල තුළ මේ වන විට ක්‍රියාත්මක රෝගීන්ට ආහාර පාන සැකසීම හා පිළිගැන්වීමේ (Food and Beverage) නියමු ව්‍යාපෘතිය විශේෂ ඇගයීමකට ද ලක් කළ අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් එම නියමු ව්‍යාපෘතිය කොළඹ ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහලේ ගැබිනි වාට්ටු මෙන්ම, මහමෝදර නව මාතෘ රෝහලේත් පළමු අදියර යටතේ ක්‍රියාත්මක කිරීමටත්, දෙවන අදියර යටතේ එම ව්‍යාපෘතිය සමස්ථ රෝහල් පද්ධතියට හඳුන්වා දීමට ද මෙහිදි තීරණය විය.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ…
හලාවත රෝහල තුළ ක්‍රියාත්මක වන ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර රෝගීන්ට ලබාදීමේ වැඩටහන් ඉතා හොඳ වැඩටහනක් බවත් අගය කළ යුතු ක්‍රියාවක් බවත් පැවසීය. අද දින තමන් ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් හලාවත මහා රෝහලට පැමිණියේ එම වැඩසටහන නිරීක්ෂණය කිරිමට මෙන්ම අගය කිරීමටයි. එමෙනම් එම වැඩසටහන අනෙකුත් රෝහල් සඳහා ප්‍රේශණය කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීම අත්දැකීම ලබාගන්නයි. එමෙන්ම රෝහල තුළ කැළිකසළ බැහැර කිරීම මෙන්ම අනෙකුත් කටයුතු සඳහා තියන සම්පත් උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම සතුටට කාරණාවක් බවද පැවසිය.
තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යාවරයා කියා සිටියේ ඖෂධ පිළිබඳව ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට වේගවත් කර තිබෙන බවත් පසුගිය වසර දෙක තුළ පැවති මූල්‍ය අර්බුදය මේ වන විට ක්‍රමානුකූලව මගහැර ගෙන තිබෙන බවත්, බහුතරයක් ඖෂධ මෙරට රෝහල් වල මේ වන විට තිබෙන බවද, රෝහල් වල නොමැති ඖෂධත් කඩිනමින් රෝහල් වලට ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයන් විධිමත් කිරීමට අපි කටයුතු කරන බවයි.
ආර්ථික අර්බුදයත් සමඟ පැන නැගුණු පෝෂණය පිළිබඳව ගැටලුව මේ වන විට ක්‍රමානුකූලව නිරාකරණය වෙමින් තිබෙන බවත් ඒ වෙනුවෙ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යංශය එක්ව විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් එයට ලෝක සෞඛ්‍ය සංවිධානය, UNISEF ඇතුළු ආයතන සහය දක්වනවන බවද, අනාගතයේදි එම තත්වය යහපත් තත්වයකට පත් වන බවද වැඩිදුරටත් පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා…
හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ මේ වන විට ක්‍රියාත්මක රෝගීන්ට ආහාර සපයන ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් බවත් එය මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දිය යුතු බවද, තවත් නියමු ව්‍යාපෘති තුනක් ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහලේ ගැබිනි වාට්ටු මෙන්ම, මහමෝදර නව මාතෘ රෝහලේත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවයි.
එමෙන්ම රෝහල් වලට පවතින විශාල ගැටලුවක් වන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයට නව ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මුදල් ඉතිරි ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු කාරණාවක් බවද එම ව්යාපතියද අනෙකුත් රෝහල් සඳහා ව්‍යාප්ත කිරීමට ද බලාපොරොත්තු වන බවද පැවසීය.
එමෙන්ම රෝගි සත්කාර සේවාවේදි අප කාරණා දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් එයින් පළමු කරුණ නම් රෝගියා රෝහල තුළින් ලබාදෙන සේවාව පිළිබඳව කෙතරම් දුරට තෘප්තිමත් වනවාද යන්නයි, දෙවන කාරණාව නම් රෝහල තුළින් ලබාදෙන සේවාව කෙතරම් දුරට සුරක්ෂිත ද, ගුණාත්මක ද යන්නයි. ඔබ රෝහලේ දර්ශක අනුව ගුණාත්මක සේවාවක් ලබා දීම පිළිබඳව සතුටට පත් වන බවත්, අප සැමගේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ මෙරට තුළ විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම බවද පැවසිය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, සාලින්ද බංඩාර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වරුන් වන විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් එච්. එම්. එන්. දිනිප්‍රිය, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් ද, රෝහල් අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.