නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

    ජනවාරි 04, 2024

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (04) පස්වරු 3.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන අනතුරු ඇඟවීමේ දෙවැනි මට්ටමේ නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර , ලුනුගල මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත.
    එසේම විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන අනතුරු ඇඟවීමේ පළමු වැනි මට්ටමේ නිවේදනය දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දේ.
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට ,බදුල්ල , හාලිඇල , කන්දකැටිය , ඇල්ල , මීගහකිවුල , හල්දුම්මුල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ මහනුවර දිස්ත්‍රික්කයේ පහතහේවාහැට , පස්බාගෙ කෝරළය මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ,නුවර එළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන නිවේදනය නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya