මේ දිනවල පවතින වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශයන්හි ආපදා තත්ත්වයන් වාර්තා වුවත් එම ප්‍රදේශවල දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නිලධාරීන් සැලසුම් යොදා ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි. ආපදා තත්ත්වයන් පවතින විභාග මධ්‍යස්ථානවලට යෑමට නොහැකි අපේක්ෂකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ ඔවුන්ට පහසු විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සැලසුම් යොදා ඇතැයි ද හෙතෙම පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව විභාග අපේක්ෂකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් විභාග අපේක්ෂකයන්ට අලුතින් විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට වුවද පියවර ගන්නා බව ද ඒ මහතා පැවසුවේය.
සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය ඇමතිය හැකි බවයි වාර්තා වන්නේ.