විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී වයස මාස 06ත් 09ත් අතර දරුවන් සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
සරම්ප රෝගය දරුවන් අතර පසුගිය කාලයේ යම් වැඩිවීමක් පෙන්නුම් කළ බවද, මෙය වෛරසයක් මගින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝ වන රෝගයක් බවද පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙය ඇතිවූ අවස්ථාවේම සහ වසර ගණනාවකට පසුවද සංකූලතා ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය.
වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට මෙම රෝගය නිසා සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතාම වැඩි බවද, ඇතැම්විට මෙම රෝගයේ සංකූලතා සතියක් දෙකක් පැවතිය හැකි බවද සඳහන් කළේය. රෝගය සම්පූර්ණයෙන්ම සමනය වුවද ඇතැම් දරුවන්ට වසර කිහිපයකට පසු මොලයේ ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බවද මෙය ඉතාම දරුණු වී මරණයට පත්විය හැකි බවද අවධාරණය කළේය.
මෙම රෝගය ඉතාම පහසුවෙන් වළක්වාගත හැකි බවද, සාමාන්‍යයෙන් මාස 09දී සහ අවුරුදු 03දී සරම්ප සඳහා ලබාදෙන එන්නතම මෙහිදී අතිරේක මාත්‍රාවක් ලෙස ලබාදීම සිදුකරන බව පැවසුවේය.
දරුවන්ට සාමාන්‍යයෙන් එන්නත් ලබාදෙන ස්ථානයෙන් මෙම අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබාගත හැකි යැයිද, පෞද්ගලික අංශයෙන් ලබාගන්නේ නම් කොළඹ දිස්ත්‍රික්කයේ පෙර එන්නත් ලබාගත් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවෙන් ලබාගත හැකි බවද සඳහන් කළේය.
මෙම එන්නත ලබාදෙන්නේ 2023 අප්‍රේල් 07 සිට 2023 ජූලි 05 අතර කාලයේ ඉපදුණු දරුවන්ට බවද, දරුවෙකු මාස 09 සම්පූර්ණ වී සරම්ප එන්නත ලබානොගෙන සිටීනම් හැකි ඉක්මණින් ලබාගන්නා ලෙසද පැවසුවේය.