සේවාවලට බාධා කරන හෝ ලංකා විදුලි බල මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලං.වි.ම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(03)නිකුත් කළ ට්විටර් පණිවිඩයක සටහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත ප්‍රතිසංස්කරණ අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙනා විදුලි බිල අඩුකිරීමේ යෝජනාවද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සටහන් වේ.