විදේශීය ගුවන් සමාගමකට ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කරනු ලබන සහතිකය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා විසින් රෝසියා ගුවන් සමාගමෙහි මෙහෙයුම් සහ සැළසුම් ප්‍රධානී නිකිතා ඩොල්ගොව් මහතා (Mr. Nikita Dolgov) වෙත ප්‍රදානය කරන ලදි.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගීන් හට ගුවන් සුරක්ෂිතතාවයට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය හා වැඩපිළිවෙල පිළිබඳව ද ඉහළ අවදානයක් යොමුකර ඇති අතර එහිදී එම ගුවන් සමාගම සතු භෞතික සම්පත්, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව වැනි කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්යනා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කරනු ලබයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන්සේවා පරික්ෂක, තිලාන් කුලරත්න, ගුවන්සේවා පරික්ෂක ධනුෂ්ක ගුණසිංහ, රෝසියා ගුවන් සමාගමෙහි මෙරට නියෝජිත සමාගම නියෝජනය කරමින් පද්මා බැද්දෙවෙළ සහ සමීනා තිසේරා යන මහත්ම මහත්මීන් ද එක්විය.