නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු නිවේදන නිකුත්කෙරේ

    ජනවාරි 03, 2024

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයන් අද පස්වරු 3.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව ඉවත් වන ලෙස දැනුම් දෙන රතු නිවේදනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කර ඇත. එසේම අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන ඇම්බර් වර්ණයේ නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුනුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර තිබේ.
    තවද විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ වර්ණයේ නිවේදනය දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇත.ඒ අනුව  බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට ,බදුල්ල ,හාලිඇල , කන්දකැටිය , ඇල්ල , මීගහකිවුල , මහනුවර දිස්ත්‍රික්කයේ පහතහේවාහැට , පස්බාගෙ කෝරළය, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස කහ වර්ණයෙන් යුතු නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya