ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා ආරම්භ කරන ලද DIGIECON 2030 වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඒ මහතා මෙම නව තනතුරට පත් කර තිබේ.
ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා Mastercard හි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙකු ලෙසද, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) UN හි ජ්‍යෙෂ්ඨ ජාතික උපදේශකයෙකු ලෙසද, PayMedia (Pvt) Ltd හි ව්‍යාපාරික උපදේශකයෙකු ලෙසද, DirectPay සහ CeleTa (Pvt) Ltd හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සේවය කරයි. එසේම ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සහකාර අධිපතිවරයෙකු ලෙස සේවය කර ඇත. මහ බැංකුවේ වසර 31කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව ඇතුලු විවිධ තනතුරුවල විවිධ දෙපාර්තමේන්තු හරහා සේවය කර තිබේ.