නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා

    ජනවාරි 02, 2024

    ගොවීන්ගේ අදායම හා ඵලදායිතාවය ඉහළ නැංවීම, වෙළඳපොල නියාමනය, අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන වැඩිකිරීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට නැඹුරු කිරීමේ අරමුණින් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    රට ගොඩගැනීමේ ප්‍රධාන සැලැස්මෙහි අරමුණු අතර ප්‍රධානතම අරමුණ වන දේශීය නිෂ්පාදන වැඩි කිරීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කර එමඟින් කෘෂිකර්මාන්තයේ නිමැවුම වැඩි කිරීමටත්, එම නිමැවුම වඩා ඵලදායි ලෙස යොදා ගැනීමටත්, ඌණ උපයෝජන සහිත ඉඩම් කඩිනමින් කෘෂි කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමටත්, එම කෘෂි භෝග වැඩි ප්‍රමාණයක් අපනයන වෙළඳපොළට යොදාගැනීමටත්, අපනයනය සඳහා යොදාගැනීමට නම් එය අපනයන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමටත් අදාළ වන ලෙස සියලුම අංශ ඒකාබද්ධ කර ගත් වැඩසටහනක් ජනාධිපති ලේකම් කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යංශයත් ඒ හා සම්බන්ධ අනිකුත් අමාත්‍යංශ ද එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

    ඒ අනුව, අලුත් නවීකරණ කටයුතු භාවිතා කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම, මෙම ක්ෂේත්‍රය සඳහා තොරතුරු තාක්‍ෂණය යොදාගැනීමට කටයුතු කිරීම හා කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම මෙහි අරමුණ වෙන බවත්, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, 2048 වසර වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ කටයුත්තට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීමට ක්ෂේත්‍රයින්ගේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීම, කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා ලේකම් කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “කෘෂිකාර්මික අංශ නවීකරණ සේවා හා දැනුම් කේන්ද්‍රස්ථාන” ස්ථාපිත කිරීම හා යෝජිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ගොවිජන සංවර්ධන පනත ඇතුළු අනෙකුත් අදාළ නීතිමය සංශෝධනයන් සිදු කිරීම යන පියවරයන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ අන්තර්ගත වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya