නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමනිලධාරින් සඳහා ඊ ග්‍රාමනිලධාරී තොරතුරු පද්ධතියක්

    ජනවාරි 02, 2024

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් හරහා සේවා කාර්යයන් ලබාගැනීමට ඉලෙක්ට්‍රොනික ලේඛණ සහ ඉලෙක්ට්‍රොනික වාර්තා නවීකරණය කිරීම සඳහා පහසුකම් සලසමින් ඉලෙක්ට්‍රොනික ගණුදෙනු ඊ ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය සඳහා තාක්ෂණික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රානික් ගණුදෙනු පනතේ විදි විධාන යටතේ තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදා ඇති 2022 අංක 01 දරණ ඉලෙක්ට්‍රොනික ගණුදෙනු ඊ ග්‍රාම නිලධාරී කොට්ඨාශ තොරතුරු පද්ධතියේ නියෝග 2022/12/22 වන දින 2311/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම නියෝග වලට අනුමැතිය ලැබීම පිණිස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවද සඳහන් කළේය.

    මේ අනූව ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ග්‍රාම නිලධාරීතුමා සමග විද්‍යුත් ක්‍රමයට අවශ්‍යතා ඉෂ්ට කරගැනීමට පහසුකම් සැලසෙන බවත්, ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරන වසරක් බවට මෙම වසර පත්කරන බව ජනාධිපතිතුමා අයවැය ලේඛණයේද සඳහන් කළේයැයි පැවසුවේය.

    මේ අනූව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී දක්වා මෙම තොරතුරු තාක්ෂණය හා පදනම්ව අවශ්‍යතා ඉෂ්ට කරගැනීමට හැකිවන දියුණු තාක්ෂණික ක්‍රමවේද මෙම වසරේදී ප්‍රායෝගික යතාර්ථයක් බවට පත්වෙන බවද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya