අද (01) ධීවර අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ බව පැවසුවේය.
පසු ගිය වර්ෂ වල තමාට බලවත් සහයක් ලබාදුන් මෙම අමාත්‍යංශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන ශනත් නිශාන්ත , කාංචන විජේසේකර ,ඩි.වී චානක හා වර්තමාන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා යන රාජ්‍ය අමාත්‍යවරුන් තමා මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු බවත් එසේම වසර 4ක් සේවය කර විශ්‍රාම ගිය අමාත්‍යංශ ලේකම්තුමිය ඉන්දු රත්නායක මහත්මිය තම අමාත්‍යංශ කටයුතු සදහා විශාල සහයක් ලබා දුන් බවද අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.
ඉදිරි වසරේදි සියලුම කාර්ය මණ්ඩලයට සිය රජකාරිය නිසිලෙස ඉටු කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන අතරම ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට සංවර්ධනය කිරිමේ වැඩ පිලිවෙලට ධීවර අමාත්‍යංශය හැටියට උපරිම සහයෝගය ලබා දිමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ධිවර අමාත්‍යංශයේ නව ලේකම් කේ.එන් කුමාරි සෝමරත්න මහත්මිය ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ ධීවර අමාත්‍යංශයට අයත් සියලුම ආයතනවල උසස් නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.