නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව වසරේ රාජකරි අරඹයි

    ජනවාරි 01, 2024

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 2024 නව වසරේ රාජකාරී අද (01) පෙරවරුවේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආරම්භ කළේ ය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලය රැස් වූ අතර එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදි.

    ඉන් අනතුරුව නිලධාරීන් ඇමතු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පැවසුවේ නව වසර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට විශේෂ කාර්යභාරයක් පැවරෙන වසරක් බවයි.

    අභියෝග ජය ගැනීමටත්, සතුටින්,සහයෝගයෙන්,කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකිවන වන නව වසරක් වේවා යැයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළේය. පසුගිය වසරේ දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙකුම රාජකාරි කටයුතු කිරීමේදී තමන්ට උපරිම සහයෝගක් ලබා දුන් බවද කීය.

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya