නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසැල් අවට සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවට වෙළඳසැල් හිමියන් හා සේවකයින් දැනුවත් කෙරේ

    දෙසැම්බර් 30, 2023

    පාසැල් අවට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවට වෙළඳසැල් හිමියන් හා සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කර ඇත.

    මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගිය දෙසැම්බර් 18 සිට 24 දක්වා සතියක කාලයක් ක්‍රියාත්මක කෙරිණි. ඒ් අනුව පොලිස් කොට්ඨාස 15 තුළ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 2935ක් ආවරණය වන පරිදි පිහිටා ඇති පාසල් 3183ක මීටර් 500ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි පිහිටා ඇති පොත්හල් හා අනෙකුත් වෙළෙඳසැල්, ආහාර මිළදී ගැනීමට ඇති ස්ථාන , හා සැලුන් වල හිමිකරුවන් හා සේවකයින් 35,00ක් පමණ පිරිසක් දැනුවත් කිරීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.
    එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ජාවාරම් කරන සැකකරුවන් 217 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    සිදුකළ සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 95ක්, ගංජා ග්‍රෑම් 7130, නීතිවිරෝධී දුම්වැටි 85ක්, මත්පෙති 16,561ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48ක් සහ මාවා කිලෝ 113කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya