නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශ කිහිපයකට වැසි සහ උදෑසන මීදුම සහිත තත්වයක්

    දෙසැම්බර් 30, 2023

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාරකිහිපයක් ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

    සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාළගුණවිද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya