මෙහීදී රෝහල මගින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්, සිදු කළ සහ සිදු කිරිමට නියමිත සංවර්ධන වැඩසටහන් ඇතුළු මානව හා භෞතික සම්පත් පිළිබදව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිළකරත්න මහතා පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර, එම කරුණු වලට අදාලව කෙටිකාලන හා දිගුකාලීන විසදුම් ලබාදීම මෙහිදී සිදු විය. එමෙන්ම ඉදිරි වසර සදහා වෙන්වන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රෝහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් මෙහිදී පෙන්වා දෙන ලදි.
තමන් සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්ව ගතවන දෙවන මාසය අවසන්ව ඇති බවත්, එම කාලය තුල මුහුණ දුන් සහ අවබෝධ කරගත් ප්‍රධාන කරුණු 04 ක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. එම කරුණු අතර ඖෂධ හිඟතාවය, බුද්ධි ගලනය, මන්දපෝෂණය, රෝහල් කාර්ය මණ්ඩලවල අතපසුවිම් වන බව ද පෙන්වා දෙන ලදි.
ඖෂධ හිඟතාවය යන කරුණේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මිලදී ගැනීමේ ක්‍රමවේදය, අඛණ්ඩව ජනතාවට ගුණාත්මක ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල යථාවත් කිරිමට ගත හැකි ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් පවතින බවත්, බුද්ධි ගලනය කරුණේ දී වෛද්‍යවරුන්ට, අනෙකුත් වෘත්තිකයින්ට යහපත් පරිසරයක ජිවත්වෙමින් සිය සේවාවන් ජනතාවට ලබාදීමට හැකි පරිසරයක් සාමුහිකව සකස් කිරිමේ අභියෝගය අප සතුව පවතින බව ද පැවැසීය.
දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල එම තත්ත්වය සුවිශේෂි තත්ත්වයක් වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන අදාල සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද පැවැසීය. මෙම තත්ත්වය විශේෂයෙන්ම මධ්‍යම පළාතේ වැඩිපුරම දැකගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. පෝෂණ වැඩසටහන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතපසුවීම් පිළිබද පැමිණිලි 600 ක් ආසන්න වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වසරකට ලැබෙන බවත්, මෙහිදී අපගේ කාර්යය අපි උපරිමයෙන් කරලා තිබෙනවා ද යන ගැටළුවකුත් සමහර වේලාවට අපට මතුවෙන බවත් අතපසුවීම් රැසක් වන බව ද කීය. සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ජනතාවට විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් සපයන අතර, එය තවත් ඉහළ නැංවිමට කටයුතු හැකි බව ද පැවැසීය.
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය වසන්තා පින්තු කියා සිටියේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමත්, සෞඛ්‍ය ලේකම්තුමත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය හදරා ඇති බව ද මෙහිදී සිහිපත් කරන ලදි.
පේරාදෙණිය ශික්ෂණ රෝහල තෘතීය වෛද්‍ය සේවා සපයන දිවයිනේ ප්‍රමුඛ පෙලේ රෝහලකි. එහි ගිලන් ඇඳන් 1000 ක් ඇති අතර වාර්ෂිකව රෝගීන් 80,000 ත් 90,000 අතර ප්‍රමාණයකට නේවාසික ප්‍රතිකාර ලබාදේ. වාර්ෂිකව අපගේ බාහිර රෝගී අංශය මගින් රෝගීන් 350,000 කට සේවය සපයන අතර රෝහලේ සායන මගින් රෝගීන් 300,000 පමණ ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. රෝහල සතුව ඇදන් 10 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, ඇදන් 03 කින් සමන්විත දන්ත වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක්, නවජ සුති දැඩි සත්කාර ඒකකයක් සහ ධුලකවේද ඒකකයෙහි ඇදන් 03 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්ද පවතී.
මෙම නිරීක්ෂණ කටයුතු සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් මෙන්ම පේරදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.බි ළමාවංශ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එම් අර්ජුන් තිළකරත්න පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය වසන්තා පින්තු යන මහත්වරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.