නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගය වසා දැමීම නිසා මගීන්ට සිදුවන අපහසුතාව වැළැක්වීමට ලංගම බස් ධාවනයට පියවර

    දෙසැම්බර් 29, 2023

    උතුරු  දුම්රිය මාර්ගය වසා දැමීම නිසා මගීන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීමට ලංගම බස්රථ  ධාවනයේ යෙදවීමට බලාපොරාත්තු වන බව  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, එළඹෙන ජනවාරි 07 සිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස මාස 05කට තාවකාලිකව වසා දැමීමට  සිදු වී තිබේ.

    ඒ අනුව, කොළඹ සිට අනුරාධපුරය දක්වා වන ගමන් වාර අවලංගු වන බවත්, කොළඹ සිට මහව දක්වා ගමන් කරන දුම්රියෙන් මහව දක්වා ගමන් කර ඉන් ඔබ්බට යාපනය දක්වා ගමන් කිරීමට නම් ඒ සඳහා මඟීන්ට සිදුවන අපහසුතාවය වැළක්වීමට මාස 05 ක කාල පරිඡේදය යන තෙක් ලංගම බස්රථ 20 ක් පමණ ධාවනයට යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා එකඟ වී ඇති බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම වසරේ මුල් භාගයේ දී අනුරාධපුර ඕමන්තේ ඇරඹි නවීකරණ ව්‍යාපෘතියේ දෙවන අදියරක් ලෙස ක්‍රියාත්මක වන බවත්, කෙසේ වුවත් මේ වන විට අනුරාධපුර සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය විවෘත කර ඇති බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    පාසල් නිවාඩු කාලය බැවින් සහ ජනවාරි 07 දා තාවකාලිකව මෙම දුම්රිය මාර්ග කොටස වසා තැබෙන නිසාද අනුරාධපුරය දක්වා ජනවාරි 01 සිට ජනවාරි 06 දක්වා දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද  පියවර ගන්නා බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    දුම්රිය සාමාන්‍යධිකාරී H.M.K.W බණ්ඩාර, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ඉඳීපොලගේ, උතුරු දුම්රිය නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අශෝක මුණසිංහ යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya