අභිනවයෙන් ඉදිකරන මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත අතර සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ සහ දියුණු රටවල අධිකරණ පද්ධතියන් හි දැකගත හැකි අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත වේ. සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර ඇති සාක්ෂි ලබාදීමේ ආසනය අමාත්‍යවරයාගේ විශේෂ පරීක්ෂාවකට ලක් වී තිබේ.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්ම මහත්මීන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ සහ කොළඹ වාණිජ මහාධිකරණයේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය