නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා 211ක පිරිසක් ඊශ්රායලයට පිටත්ව යයි

    දෙසැම්බර් 29, 2023

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා එකවර පිටත්ව ගිය වැඩිම පිරිස වූ 211 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් පෙරේදා (27) රාත්‍රියේ IZ 640 දරණ විශේෂ ගුවන් යානය මගින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.

    ඊශ්‍රායලය බලා පිටත්ව යන මෙම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් එදින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ඊට Zoom ඔස්සේ සම්බන්ධ වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිසට සුබපැතුම්ද එක්කළේය.

    මෙම රැකියාවෙන් උපයා ගන්නා මුදල් මගින් තම පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම පියවර ගන්නා අතරතුරේ දී නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙස ද අමාත්‍යවරයා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    එසේම ඔවුන් ඊශ්‍රායලයේ දී, ලංකාවේ නිල නොලත් තානාපතිවරුන් වන බැවින් සෑම විටම රටේ කීර්තිනාමය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya