එම මිල අඩුකිරීම්අ ද (28) සිට ක්‍රියාත්මක වෙන බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සතොස ආයතනය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, දේශීය ටින් මාළු මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වේ.
රුපියල් 285කට අලෙවි කෙරුණු අර්තාපල් කිලෝග්‍රෑමයක මිල අඩු කර ඇත්තේ, රුපියල් 05කිනි.. ඒ අනුව අනුව එහි නව මිල රුපියල් 280 කි.
රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05කින් අඩු කිරීමටත්, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් අඩු කිරීමටත් පියවර ගෙන තිබේ.
මේ අතර සතොස අලෙවිසැල් තුළින් ආනයනික බිත්තරයක් රුපියල් 35කට මිල දී ගැනීමේ හැකියාව ජනතාවට හැකි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.