නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී අණපනත් 60ක් සංශෝධනය කිරීමට නියමිතයි - අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා

    දෙසැම්බර් 28, 2023

    පසුගිය කාල පරිච්ඡේදය තුළ අධිකරණ අමාත්‍යංශය අණ පනත් 45ක් සංශෝධනය කර ඇති අතර ඉදිරියේදී තවත් අණ පනත් 60ක් සං‍ශෝධනය කිරීමට නියමිත බව අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා ‍මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
    පසුගිය මාස 18ක කාලය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම ,සංහිඳියාව ගොඩනැගීම වැනි කාරණා නව මානයකට රට යොමු කළ බවත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්  විශේෂයෙන්ම ආසියානු රටවල්වන සිංගප්පූරුව , මැලේසියාව , හොංකොං වැනි රටවල් දියුණු වී ඇත්තේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමෙන් බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
    නීතියේ ආධිපත්‍යයට යටත් වීම පුරවැසියාට පමණක් නොව නීති සම්පාදකයන්ට බලපැවැත්විය යුතු බවත් මෙම කාරණය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් රට කඩාවැටීමට ලක් වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය ක‍ළේය.
    වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දීමට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා ඩොලර් සංචිත ඇමරිකානු බිලියන 5ක් දක්වා වර්ධනය කිරිම, අඛණ්ඩ විදුලි බලය සහ ඉන්ධන සැපයීම සහ ‍2023 වර්ෂය අවසන් වීමට පෙර උද්ධමන වේගය සියයට 20 කට අඩු ප්‍රතිශතකයට පත්කිරීම එම ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගත් බව පැවසීය.මේ වනවිට ඩොලර් සංචිත ඇමරිකානු බිලියන 4ක් දක්වා වර්ධනය කරඇති බවත් අඛණ්ඩ විදුලිබලය සහ ඉන්ධන සැපයුම් සිදු කරන බවත් උද්ධමන වේගය සියයට 2,3 මට්ටමකට පත් කර ගැනීමට හැකි වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
    අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට මූලික අඩිතාලම සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දූෂණයට වඩාත් විවර වූ ස්ථානය ප්‍රසම්පාදන ක්‍රියාවලිය බවත් එහි දූෂණ වැළැක්විම‍ට ප්‍රසම්පාදන කොමිෂන් සභාව ස්ථාපිත කළ අතර ගනුදෙනුවලදී  සිදුවන වංචාවන් සෙවීමට ස්වාධීන විගණන කොමිෂන් සභාව ඇති කළබවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.එසේම නීතියේ ආධිපත්‍ය රැකගැනීමට ප්‍රබල ප්‍රතිපත්තිමය කාරණා රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සිදු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    තවද සංහිඳියා සමාජයක් ඇති කිරිම සඳහා ක්‍රියාමාර්ග රැසක් ‍ගෙන ඇති පැවසු අමාත්‍යවරයා ග්‍රාම රාජ්‍ය සංකල්පය ග්‍රාම සේවා වසම් 12,000ක ස්ථාපිත කර ඇති අතර ජනවාර්ගික ගැටුම් අවසන් කිරිමට ‍මෙම ක්‍රමය පිටිවහලක් වන බවත් හෙතෙම පැවසීය.
    කොරියානු රජයේ ආධාර යටතේ රස පරික්ෂක ‍දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීමේ ඇත්වන ප්‍රමාදයන් අවම කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ බවත් මේවනවිට එම දෙපාර්තමේන්තුවේ රසායනාගාර 8ක් මේ ආධාර යටතේ වැඩිදියුණු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya