නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞබ්‍ය සේවාවේ පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි

    දෙසැම්බර් 28, 2023

    මහජනයා වෙත යහපත් ගුණාත්මක සෞබ්‍ය සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක් පසුගියදා  ආරම්භ කෙරිණ.

     ප්‍රාදේශීය සෞබ්‍යය සේවාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 5.00 ක් මේ සදහා යොදවා ඇත.

    රසායනාගාර පහසුකම් පවතින රෝහල් වෙත පරීක්ෂණ සාම්පල් යොමු කිරීම වෙනුවෙන්

    හා විවිධ වාර්තාවන් ලබා ගැනීමේ පහසුව මෙන්ම අනෙකුත් සේවාවන් සදහා සහයක් ලෙස මෙම යතුරු පැදි යොදා ගැනීමට අපේක්ෂිතයි.

    මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල් වෙත යතුරු පැදි සංකේතවත්ව ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේදී සිදු වූ අතර රත්තොට , විල්ගමුව , ගලේවෙල , ලග්ගල , මාදිපොල , දඹුල්ල , නාලන්ද හා යටවත්ත යන රෝහල්වෙත මෙදින යතුරු පැදි ලබාදීම මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , පළාත් සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය , මාතලේ දිස්ත්‍රික් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya