නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යංශයේ පසු අස්වනු තාක්ෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

    දෙසැම්බර් 28, 2023

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ  ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පී. චන්ද්‍රසෝම පිරිස් මහතා පත් කර ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද  (28)  මෙම පත්කිරීම සිදු කර තිබේ.

    කෘෂිකර්ම සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඒ මහතා මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) වශයෙන් සේවය කළ අයෙකි.ඒ අනුව එළඹෙන ජනවාරි පළමුවනදා  සිට පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස ඒ මහතා කටයුතු කිරීමට නියමිතය.ෙ පත්වීමට අදාළ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයා නව සභාපතිවරයාට බාර දුන් අතර දිවයිනේ දැනට අක්‍රියව පවතින  පලතුරු හා එළවළු සැකසුම් කලාප නැවත සක්‍රිය කිරීමට මෙන්ම පසු අස්වනු හානිය අවම කර ගැනීමට දැනට ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙල තවදුරටත් සක්‍රිය කරන ලෙස අමාත්‍යවරයා නව සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya