අනුරාධපුර රුවන්මැලි මහාසෑය අභියසදී පැවැත්වනු ලබන ආරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.
එම විශේෂ දුම්රිය එළඹෙන 30 වනදා පෙරවරු 4.15 ට බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 1.10ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතයි.
මෙම පිංකමට සහභාගී වූ පිරිසට යළි පැමිණීම සදහා ලබන 31 වනදා පෙරවරු 09.30ට අනුරාධපුරයෙන් විශේෂ දුම්රිය ගමන් ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබේ.
මීට
අමතරව මහනුවර සිට මෙම පුණ්
යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි.
2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10
2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20
එම නිවේදනය පහත දැක් වේ.