නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 06ත් 09ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදීමේ විශේෂ වැඩසටහනක්..

    දෙසැම්බර් 28, 2023

    ලෝක සෞඛ්‍ය සංවිධානය, දකුණු ආසියානු කලාපයේ කාර්යාල සහ ජිනීවා කාර්යාලය සමග සාකච්ඡා කර ඒ පිළිබද විද්වතුන්ගේ අදහස් විමසමින් මාස 06ත් 09ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව කියා සිටියේ ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ(27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    මෙම වැඩසටහන 2024 ජනවාරි 06 සෙනසුරාදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළගම ඇති සායන හරහා සිදුකරන බවද වයස මාස 09ත් 15ත් අතර කුමන හෝ පුද්ගලයෙකුට සරම්ප මාත්‍රාව ලැබී නොමැති නම් ඒ අයට සරම්ප එන්නත් ලබාදීම ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.

    මීට අමතරව ජනවාරි 03 වන සතියේ නැවතත් මෙවන් වැඩසටහනක් දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තා වීම අවම කර ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන උපදෙස් අනූව කටයුතු කරමින් අප රටේ සරම්ප රෝගීන් අවම තත්ත්වයකට ගෙනඒම බවද අවධාරණය කළේය.

    මාස 02ක් පමණ කාලයක් තුළ සරම්ප රෝගීන් වාර්තා වීම මේ නිසා සම්පූර්ණයෙන් නවත්වා ගැනීමට හැකිවනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019දී ලෝක සෞඛ්‍ය සංවිධානය අප රටට සහතිකයක් ලබාදුන් බවද, එම සහතිකය කලාපයේ රටවල් 03කට පමණක් ලබාදුන් අතර එම රටවල් ත්‍රිත්වයෙන් එකක් ලෙස අප රටටද එම සහතිකය හිමිවූ බවද සිහිපත් කළේය.

    ලෝකය පුරාම ප්‍රතිශක්තීකරණ වැඩසටහන ශක්තිමත්ම රට ශ්‍රී ලංකාව බවද එය 100%ක් බවද ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya