ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ නිල වෙබ් අඩවිය මේ සම්බන්ධව කළ විමසුමේ දී ය.
ඒ අනුව, ජනවාරි 01 සිට මාස 06 ක කාලයක් මෙම කොටස වසා තැබෙන අතර කොළඹ සිට මහව දක්වා මෙන්ම අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් කටයුතු සිදු වෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම වසරේ මුල් භාගයේ දී අනුරාධපුර ඕමන්තේ ඇරඹි නවීකරණ ව්‍යාපෘතියේ දෙවන අදියරක් ලෙස ක්‍රියාත්මක වන බවත්, කෙසේ වුවත් මේ වන විට අනුරාධපුර සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය විවෘත කර ඇති බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.