අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට අද (27) සෞඛ්‍ය අමාත්‍යංහයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ සම්බන්ධව පසුවිපරම්ද සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා මෙම කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය වකවානුවේ හොද එන්නත්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වූ නිසා හොද ප්‍රතිශක්තීකරණයක් රටේ ජනතාව තුළ ඇතිවී ඇතැයි විශ්වාස කරන බවද ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මදුරු මර්දන වැඩසටහන් සහ ඩෙංගු රෝගයෙන් වැළකීමේ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු අනෙකුත් සියලුම පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් මෙම දිනවල රටපුරා ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
පැවති වැසිබර කාලගුණ තත්ත්වයත් සමග බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණු බව පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගිය වසරට සාපේක්ෂව ඩෙංගු මරණ වල අඩුවීමක් නිරීක්ෂණය වන බවද පැවසුවේය.
මේ දක්වා මෙම වසර තුළ ඩෙංගු රෝගී මරණ 50ක් පමණ වාර්තා වූ බවද කියාසිටි අමාත්‍යවරයා ඩෙංගු රෝගය පාලනය කරගැනීමට සෑම පාර්ශවයකම සහය අවශ්‍ය බවද අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාජල් අසේල ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන අය සහභාගී වී සිටියහ.