කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම මිත්‍රත්ව සංගමය රැස්වු අතර එහිදී මෙහි ලේකම් ධුරයට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථීර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාය.
ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය තේරි පත්වුවාය.
මෙම සංගමයේ උප සභාපතිධුර 3ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අරවින්ද කුමාර්, හෙක්ටර් අප්පුහාමි, මධුර විතානගේ යන මහත්වරු පත්වුහ.
සහකාර ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා පත්වු අතර භාණ්ඩාගාරික තනතුරට පත්වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාය.
ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක කමිටුවට පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පහත දැක්වේ.