නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI DIPONEGORO- 365' යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව යයි

    දෙසැම්බර් 23, 2023

    පසුගියදා(21) නිල සංචාරයක්සඳහා මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI DIPONEGORO- 365'යුද නෞකාව එම නිලසංචාරය සාර්ථකව අවසන් කරමින්අද දින (23)දිවයිනෙන්පිටත්ව යන ලද අතර,එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීමකොළඹ වරායේදී අද සිදු කෙරිණි.

    'KRI DIPONEGORO- 365' යුදනෞකාවේඅණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් WIRASTYO HAPRABUවිසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සහ නාවික හමුදා නියෝජ්‍යමාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සමඟ නිල හමුවන්, 2023 දෙසැම්බර් 22 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරු කර ගැනීමේ සහ සමරු තිළිණ හුවමාරු කර ගැනීම්ද සිදුකෙරිණි. 

    තවද, 'KRI DIPONEGORO- 365' යුදනෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.    

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya