නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    දෙසැම්බර් 23, 2023

    2024 ජනවාරි මාසයේ දී විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග  හා දිගු කාලීනව විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  විමසා බැලීම බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී   සිදු විය.

    ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු මෙම වසර අවසානයේ  තම ආයතනයේ ලාභය රුපියල් බිලියන 40ත් 45ත් අතර  ගණයක් විය හැකි බව පෙන්වා දුන්හ.ඒ අනුව මේ වන විට  ලංකා විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමට ඇති  හිග ගෙවීම් කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිලධාරීහු  කාරක සභාවට පෙන්වා දුන්හ.එමෙන්ම මේ වන විට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශ උපරිම ධාරිතාවයට පත්ව ඇති බැවින් 2024 වසර සුබ දායක වන බවත් ලබන වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 23ක ලාභයක් අපේක්ෂා කරන  බවද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

    2024 වසරේ අලුතින් කොපමණ මෙගාවොට් (MW) ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කර ගැනීමට නියමිතද යන්න කාරක සභා සභාපතිවරයා විමසීමක් කළේය.ඒ අනුව මෙගාවොට් (MW ) 800ක ප්‍රමාණයක් අලුතින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුහ.

    ඉදිර්යේදී විදුලි බිල අඩු කිරීම සඳහා ගත හැකි  දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාරක සභාව තුල දීර්ඝව සාකච්ජා විය. එහිදී වහල මත සූරිය පැනල සවි කිරීම අඛණ්ඩව සිදු කිරීමත් ඒ සඳහා  සූරිය පැනල වැට් බද්දෙන් නිදහස් කිරීමේ වැදගත් කමත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අතර  ඉදිරියේදී  සුළු හිඟ මුදල් ගෙවීමට පවතින විදුලි සම්බන්ධතා  විසන්දි නොකිරීමට සැලසුම් කර ඇති බවද  ලංකා විදුලි බල මණ්ඩල නිලධාරීහු පැවසුහ.

    මේ අවස්ථව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී   ගරු යදාමිණී ගුණවර්ධන, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු කුමාරසිරි රත්නායක  යන මහත්වරුන් මෙන්ම  විදුලි බල ක්ෂේත්‍රය හා සම්බන්ද  විද්වතුන් ,වෘත්තීය සංගම නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී විය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya