නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත ප්‍රදානය ජනපති සහ කථානායක ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 22, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

    ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 06 ක් යටතේ පැවති තරඟාවලියේ  ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය  ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් අතර පැවති මෙම තරගයේ ජයගත් සම්පත් අතුකොරළ මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමිවිය. 

    දාම්  තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනා ගැනීමට සමත් විය. එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  නිමල් ලන්සා මහතා විසින් දිනා ගනු ලැබීය.

    මේසපන්දු තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව  රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහතාට ද හිමි විය.

    චෙස් තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු ගයාශාන් නවනන්ද මහතාද  අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  නිමල් ලාන්සා මහතා විසින් ද දිනා ගන්නා ලදී.

    එසේම කැරම් අංශයේ ශූරතාව ද දිනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද  මහතා සමත් විය.  එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතායි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට පූල් තරග අංශයේ ශූරතාව හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා විසින් එම අංශයේ අනුශූරතාව දිනා ගන්නා ලදී.

     පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ සභා ගර්භයේ මන්ත්‍රීවරුන් අතර ඇති වන උණුසුම සමනය කර සුහදතාව වර්ධනය කර ගැනීමට ක්‍රීඩාව ඉවහල් වන බවයි. මෙම සම්ප්‍රදාය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු පාර්ලිමේන්තු ගණනාවක ක්‍රියාත්මක බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය මෙවර පැවැත්වුණේ 04 වැනි වරටයි.  පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ කේ.පී.ඊ.නන්දදේව සහ සමීර සංජීව යන මහත්වරු මෙහිදී තරඟ විනිශ්චය කිරීමෙන් දායක විය.

    ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya