නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල්වල දරුවන් උසස් පෙළ සඳහා යොමුවීමේදී, එම පාසලේ ඉගෙනුම ලැබූ දරුවන්ට ප්‍රමුඛතාව

    දෙසැම්බර් 12, 2023

    සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල්වල දරුවන් උසස් පෙළ සඳහා යොමුවීමේ දී , එම පාසලේ ඉගෙනුම ලැබූ දරුවන්ට ප්‍රමුඛතාවය හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(12) පාර්ලිමේන්තුවේදි පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසිය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරිමේදී ඒ සඳහා අදාළ වන චක්‍රෙල්ඛයක් තිබෙන බවයි. යම් දරුවෙකු අධ්‍යාපන ලබන පාසලේ අදාළ විෂය ධාරාව නොමැති නම් එම දරුවන්ට අනෙක් පාසල්වල දී ප්‍රමුඛතාවය හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ, උසස් පෙළ හැදැරීමට අවශ්‍ය විෂය ධාරාව හෝ සංකලනය නොතිබිය යුතුයි. ඒ බව විදුහල්පතිවරයා විසින් සනාථ කළ යුතුයි. සනාථ කළත් නැතත් දරුවෝ ඉල්ලනවා. උදාහරණයක් විදියට කොළඹ ආනන්ද විදුහලේ සාමාන්‍ය පෙළ A 9 දරුවෝ ඉන්නවා 182ක්. විශාකා විද්‍යාලයේ ඉන්නවා 206ක්. එවැනි තත්ත්වයක් තුළ තවත් පාසලකින් ඉල්ලුම් කිරීමේ දී ප්‍රමුඛතාවය දෙන්න ඕන වෙන්නේ ඒ සුදුසුකම් මාලාව තියෙන හැබැයි ඒ කලාපය තුළ හෝ ඉන් පිටත යම් දරුවෙකුට විෂය ධාරාව නැත්නම්. ඒ අයට තමා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. උදාහරණයක් විදියට පාසලක ජීව විද්‍යාව විෂය ධාරාව නැත්නම් එතැන A 9 ගත්ත දරුවාට අර පාසලේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒක චක්‍රලේඛනය අනුව සිදුකරන්න ඕනේ."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya