පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීම සඳහා ඉලක්ක ගත අඩු ආදායම්ලාභීන් ප්‍රමාණය මිලියන 02ක් වුවද තවමත් එම ඉලක්කය වෙත ළගා වීමට නොහැකි වී ඇතැයිද පැවසීය
2024 නව අයදුම්පත් කැඳවීමට පෙර පවතින අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. තවමත් ඉලක්ක ගත මිලියන 2 ක ජනතාව වෙත ගමන් කිරීමට හැකි වී නැහැ.1 430,000 කට ආසන්න ප්‍රතිලාභීන් පිරිසකට තමයි තවමත් සහනාධාර ලබා දෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරු සහ අපට සෘජුව ලබා දුන් තොරතුරු අනුව තමයි මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ. එම තොරතුරු මේ වන විට විශ්ලේෂණය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදි ප්‍රතිලාභීන් ලක්ෂ 20 දක්වා මුදල් ලබා දෙන්න පුළුවන් මෙහි විශේෂත්වය තමයි, භාහිර පාර්ශවයක මැදිහත් වීමක් නොමැතිව සෘජුව ප්‍රතිලාභියාට මුදල් ලබා දීම සිදු වෙනවා.