නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාජ ස්ටිකර් සිද්ධිය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය මාස තුන තුළදී සුරා බදු ආදායම තවත් වැඩි වෙලා. - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

    දෙසැම්බර් 12, 2023

    රටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් උපරිම ලෙස කැපවූ යුගයක් තවත් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මධ්‍යසාර බෝතල් මත අලවන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

    පවතින නීති ශක්තිමත් කරමින් රිංගා හැකි සෑම සිදුරක් ම වසා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ කරන බවයි. මීට අමතරව මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වෙත යොමු කරන සුරාබදු නිලධාරීන් මාස 6කට වරක් මාරු කිරීම, ආවේශන කැමරා පද්ධිති මගින් නිෂ්පාදනය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි. මෙම ක්‍රියා හේතුවෙන් ගෙවීගිය මාස තුනක කාලය තුළ රුපියල් බිලියනකින් පමණ සුරා බදු ආදායමේ වර්ධනයක් ඇති වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya